FAST NEWS

24×7 Around the Globe

මහනුවර කේබල් කාර් ව්‍යාපෘතියකට ප්‍රංශයෙන් ණය ආධාර

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – මහනුවර ප්‍රදේශයේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ණය ආධාරයක් ලබාදීමට ප්‍රංශය තීරණය කර තිබේ.   

අඩු පොලී සහනයක් යටතේ මෙම ණය මුදල ලබාදෙන බව මෙරට ප්‍රංශ තානාපති කාර්යාලය සඳහන් කළේය.

මහනුවර ප්‍රදේශයේ පවතින දැඩි රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.