FAST NEWS

24×7 Around the Globe

රුපියල් තවත් පහළට

(ෆාස්ට් නිව්ස් |කොළඹ) – ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය 201 සීමාව ඉක්මවා පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය ඊයේ (17) රුපියල් 201.75ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 197.58ක් ලෙසත් දැක්විණි.

මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් (08) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය.

ෙමේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.2 කින් අවප්‍රමාණය වී ඇත.