ඔස්ට්‍රේලියාව පරාජයවුවහොත් ක්වාන්ටස් ගුවන් යානයක් කලු පැහැයෙන් වර්ණ ගන්වා එය ‘ඕල් බ්ලැක්ස්’ ලෙස නම් කළ යුතු විය. මේ පිළිබඳව ඔවුහු සිය ට්විටර් ගිණුම් හරහා අදහස් හුවමාරු කර ගන්නා ලදී.කෙසේ වෙතත් පසුව දෙපාර්ශ්වයම එම තීරණය වෙනස් කරමින් පරාජයට පත්වන ගුවන් සමාගම අනෙක් ගුවන් සමාගම අයත් රටේ රග්බි කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම් (jerseys)ඇඳ පියාසර කළ යුතු බවට නැවතත් ඔට්ටුව අලුත් කළේය.
ඒ අනුව අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව පරාජය වූ අතර ක්වන්ටස් කාර්ය මණ්ඩලයට ඕල් බ්ලැක්ස් ජර්සි හැඳගෙන පියාසර කළ යුතුවිය. ක්වන්ටස් ගුවන් සමාගම ඊයේ (02දා) මෙම ඔට්ටුව ඉටුකරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට නවසීලන්තයේ ඕක්ලන්ඩ් බලා පියාසර කළ ගුවන් යානාවේ කාර්ය මණ්ඩලය නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් ජර්සි හැඳගැනීමෙනි.












