FAST NEWS

24×7 Around the Globe

මෛත‍්‍රී,හිටපු ජනාධිපතිනිය සමග රට වටේ යෑමේ සුදානමක්.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මූලිකත්වයෙන් යුතු කමිටුවක් විසින් ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරමින් ශ‍්‍රිලනිප ප‍්‍රතිසංවිධාන වැඩ කටයුතු ආරම්භ කර තිබේ.

ඉදිරි මැතිවණයේදී තමන් ශ‍්‍රිලනිපය ජයග‍්‍රහණය කරා මෙහෙයවන්නේ යයි ජනාධිපතිවරයා විසින් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරන ලද්දේ ඒ අනුව යයිද වාර්තා වන අතර නව ප‍්‍රතිසංස්කරණවලදී ජාතික සමගිය, සංහිඳයාව ගැන මෙන්ම ජිනීවාහි යෝජනාව ජයග‍්‍රහණයක් ලෙස ප‍්‍රවර්ධණය කිරීමට නියමිතය.

එමෙන්ම පක්ෂය ජයග්‍රහණය කරවීමට ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ,හිටපු ජනාධිපතිනිය සමග රට වටේ යෑමේ සුදානමක් පවතින බවටද මේ වන විට වාර්තා වේ .