FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් කරන ලෙස නාමල්ට තර්ජන.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලනයේ රැඳීසිටීම හිතකර නොවන බවත් ඔහු විශ‍්‍රාම නොයැවුවොත් කිනම් හෝ හේතුවක් මත සිරගත කිරීමට ඉඩ ඇති බවට තමාට දැනගන්නට ලැබී ඇතැයි මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ප‍්‍රකාශ කර තිබෙනවා. සතිඅන්ත පුවත්පතකින් ඔහුගෙන් ඇසූ පැනයකට දුන් පිළිතුර පහත පරිදිය.

ඔබේ පියා මහින්ද රාජපක්ෂ දැන්වත් විශ‍්‍රාම ගියහොත් හොඳ නැද්ද ?

”ඔව් සමහර මහත්වරු මට කතා කරලා කිව්වා තාත්තා විශ‍්‍රාම ගියේ නැතිනම් මොනව මොනවා හරි හොයලා උඹලා ඔක්කොම හිරේට දමයි කියලා ඉතින් ඒ සර් ලාටත් ඒ මහත්වරුන්ටත් මම කියන්නේ මාව හිරේ දැම්මත් මගේ තාත්තා නම් දේශපාලනයෙන් විශ‍්‍රාම යන්නේ නෑ කියන එකයි”