FAST NEWS

24×7 Around the Globe

උකස් හා ආයෝජන බැංකුවේ මුදල් පුෂ්පා රාජපක්ෂ පදනමට?

අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ මුදල් රුපියල් ලක්ෂ තිස්පහක් පුෂ්පා රාජපක්ෂ පදනමට ලබාදී තිබෙන බවට ලිඛිත තොරතුරු සොයාගෙන ඇත.
ඊට අදාළ වාර්තා ඇතුළත් ලිපිගොනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය භාරයට ගෙන ඒ හා අදාළ විමර්ශන සිදුකරගෙන යයි. රාජ්‍ය ආයතනයක් රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් ලබාදීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත යුතුව ඇත.

මේ අතර බැංකුවේ හිටපු සභාපතිවරුන් කිහිපදෙනකු යටතේ සිදුවී තිබෙන මූල්‍ය අක්‍රමිකතා රැසක් පිළිබඳව බැංකු‍ව විමර්ශන සිදු කරගෙන යන බවද වාර්තා වේ.