FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රයාගේ කක්ෂය තුළ පරිභ්‍රමණය වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්

(ෆාස්ට් නිව්ස් | රුසියාව) – චන්ද්‍රයාගේ කක්ෂය තුළ පරිභ්‍රමණය වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීමට රුසියාව සහ චීනය එකගතා ගිවිසුමකට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.   

චන්ද්‍රයා සම්බන්ධයෙන් සිදුකෙරෙන පර්යේෂණ සඳහා පහසුකම් රැසකින් එය සමන්විත වීම විශේෂත්වයක්.

මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ මාස ගණනක් පුරා පැවති සාකච්ඡාවල ප්‍රථිඵලයක් ලෙසටයි.

විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ දැනට අභ්‍යවකාශ පර්යේෂණවල නිරතවන ඇමෙරිකාවේ නාසා ආයතනයට චීනයේ සහ රුසියාවේ ඒකාබද්ධ නව ව්‍යාපෘතිය මගින් සැළකිය යුතු අභියෝගයක් එල්ලවනු ඇති බවයි.