FAST NEWS

24×7 Around the Globe

සරාගී නිළි සරීන් ඛාන්ගෙන් පැහැදිලි කිරීමක්.

බොලිවුඩයේ නැගී එන සරාගී නිළි සරීන් ඛාන් “Hate Story 3” චිත්‍රපටයේ ඇගේ චරිතය පිළිබදව පසුගිය දිනෙක සම්මුඛ සාකච්ඡාවකදී පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඇය පවසන්නේ තමන් මීට පෙර බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් සමග වීර් චිත්‍රපටයේදී කුමරියකගේ චරිතයක් සිදුකළ පසු ඇයව ප්‍රේක්ෂකයින් දකින්නේ ශරීරය වැසෙන අන්දමින් අදින පළදින තරුණියක් විදිහයට බවයි.

නමුත් නිළියක් යනු එක් චරිතයකට පමණක් සීමා නොවන බව සෑමදෙනාම තේරුම් ගත යුතු බව සරීන් ඛාන් පෙන්වා දෙයි.

එමෙන්ම “Hate Story 3” චිත්‍රපටයේ තමන් සරාගී මෙන්ම ශරීරය නිරාවරණය ලෙස රගපෑවේ ඇගේ ආශාවට නොවන බවත්, චිත්‍රපටයේ අවශ්‍යතාවය මත බව ඇය එහිදී පවසා ඇත. තමන් මුස්ලිම් තරුණියක් වන බැවින් මේ වන විටත් ඇයට කිසියම් බලපෑමක් සමහරක් පුද්ගලයින් විසින් එල්ල කරන බව සරීන් ඛාන් පවසයි.

ඒ කෙසේ වුවත් “Hate Story 3” චිත්‍රපටයේ ඇයට ලැබුනු චරිතය පිළිබදව කිසිදු බියක් හෝ ලැජ්ජාවක් නොමැති බව සරාගී නිළි සරීන් ඛාන් වැඩිදුරටත් එහිදී පවසා ඇත.
මෙම චිත්‍රපටය ලබන දෙසැම්බර් මස 4 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතයි.