FAST NEWS

24×7 Around the Globe

සිරියානු ජනපතිට සහ බිරිඳටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | සිරියාව) – සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් ට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.    

සිරියානු රාජ්‍ය රූපවාහිනිය ද එය තහවුරු කර තිබේ.

රෝග ලක්ෂණ පෙන්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා PCR පරීක්ෂණ සඳහා යොමු වී ඇති අතර එහිදී ඔවුන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

මේ දක්වා සිරියාවේ කොරෝනා ආසාදිතයින් 15,981ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 1,063කි.