FAST NEWS

24×7 Around the Globe

ගොවි බිම් වෙත ගොස් වී මිලදි ගැනීමේ ජාතික ක්‍රියාන්විතය ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගොවි බිම් වෙත ගොස් වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය අදින් ආරම්භ වෙයි. 

අප්‍රේල් 07 වනදා දක්වා එය සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

රජයට වී සංචිතයක් පවත්වා ගෙනයාම සහ තරගකාරි මිලට වී මිලදී ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

අද සිට ඉදිරි මාසයක කාලය තුළ වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ගොවිබිම් වෙත ගොස් මිලදී ගන්නා ලෙසට කෘෂිකර්ම අමාත්‍යංශය විසින් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

අනුරාධපුරය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට සහ කුරුණෑගල යන දිස්ත්‍රික් 06 සඳහා එම වැඩසටහන යටතේ ප්‍රමුඛත්වය ලබාදී තිබේ.