FAST NEWS

24×7 Around the Globe

මියන්මාර හමුදාවේ YouTube නාලිකා පහක් අවහිර කරයි

(ෆාස්ට් නිව්ස් | මියන්මාරය) – මියන්මාර යුධ හමුදාව විසින් පවත්වාගෙන යන නාලිකා 05 ක් ඉවත් කිරීමට යූ ටියුබ් ආයතනය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.   

සිය රෙගුලාසි මාලාව කඩ කිරීම ඊට හේතුව බව යූ ටියුබ් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙයි.

පෙබරවාරි 01 වනදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මේ දක්වා මියන්මාර හමුදාවල වෙඩි තැබීම් හේතුවෙන් උද්ඝෝෂකයන් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

මේ අතර මියන්මාර හමුදාවේ අණ ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කල පොලිස් නිළධාරීන් පිරිසක් දේශපාලන රැකවරණ පතා ඉන්දියාවට පැමිණ ඇති බවද වාර්තා වෙයි.