FAST NEWS

24×7 Around the Globe

ඉතිහාසයේ පළමු වරට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉරාක සංචාරයක

(ෆාස්ට් නිව්ස් | ඉරාකය) – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සිය ප්‍රථම ඉරාක සංචාරය සඳහා වතිකානුවෙන් නික්ම තිබේ.  

84 හැවිරිදි පාප්වහන්සේ යුද්ධයෙන් පීඩාවට ලක්වූ ඉරාකයේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

එම කලාපයේ සුළුතරයක් වූ කිතුණුවන්ට අධ්‍යාත්මික මෙන්ම මානසික ශක්තික් ලබාදීම අරමුණු කර ගෙන මෙම සංචාරය සිදුකරනු ලබයි.

මෙම ඓතිහාසික චාරිකාවේදී උන්වහන්සේ ලොව පැරණිතම මෙන්ම, ක්ෂීන වෙමින් පවත්නා ඉරාක කිතුනුවන් වෙත ප්‍රවේශ වන අතර, එරට ඉස්ලාමීය ආගමික ප්‍රධානියා වූ අයතුල්ලා අලි සිස්තානි ද මුණ ගැසෙනු ඇති.

සාමයේ වන්දනාව ලෙස නම් කර ඇති පාප්වහන්සේගේ මෙම සිව්දින සංචාරය, කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ඇරඹීමෙන් පසු උන්වහන්සේගේ ප්‍රථම විදෙස් සංචාරයයි.