FAST NEWS

24×7 Around the Globe

නෙදර්ලන්තයේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක්

(ෆාස්ට් නිව්ස් | ඇම්ස්ටර්ඩෑම්) – නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් නගරයට උතුරින් පිහිටි නගරයක කොවිඩ්-19 වෛරස පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක් සිදුව තිබේ.  

මෙම කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථානය ඊයේ (03) දිනයේදී විවෘත කිරීමට මද වේලාවකට පෙර මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම පිපිරීමෙන් පරීක්ෂණ මධ්‍යස්ථානයේ ජනෙල් කැඩී ගොස් ඇති නමුත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවද නෙදර්ලන්ත පොලීසිය පවසයි. කෙසේ වෙතත් මෙම පිපිරීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවන බවද පොලීසිය කියයි.