FAST NEWS

24×7 Around the Globe

රට රැකියා අවස්ථා ලක්ෂ 5 කින් ප්‍රයෝජන ගෙන ඇත්තේ 79,000 යි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුහුණුව ලත් ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා 5,42,893 ක් මෙරටට ලැබී තිබුණත් ඒ සඳහා විදේශ ගතකර ඇත්තේ 79,785 ක ප්‍රමාණයක් බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.   

වර්ෂ 2015 සිට 2018 දක්වා කාලය තුළ මෙම අවස්ථාව ලැබී තිබුණ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම කාලය තුළ සේවා වර්ගීකරණ 07 ක් යටතේ රැකියා අවස්ථා 13,76,465 ක් රටට ලැබී තිබුණු බවද සඳහන් වේ.

ඉන් ගෘහ සේවිකාවන් සඳහා 4,73,856 ක් ද , නුපුහුණු සේවා වර්ගීකරණය යටතේ රැකියා 2,80,261 ක් ලැබී තිබූ බවද සඳහන්.

ගෘහ සේවිකාවන් හා නුපුහුණු ශ්‍රමිකයින් සඳහා ලැබී තිබූ රැකියා අවස්ථාවලින් ශ්‍රමිකයන් 32% ක් සඳහා පමණක් ශ්‍රමිකයින් යොමුකර තිබූ බවද එම වාර්තාවෙන් දක්වා ඇත.