FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවෙන් රුසියාවට සම්බාධක

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ඇමරිකාව සහ යුරෝපා සංගමය රුසියාවට සම්බාධක පැනවීමට කටයුතු කර ඇත.   

ඒ, රුසියානු විපක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයෙකු ලෙස කටයුතු කරන ඇලෙක්සි නවානි අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සහ ඔහුට වස ලබා දීමේ සිද්ධිය මුල්කර ගනිමින්.

ඒ අනුව රුසියාවේ උසස් නිලධාරීන් 7 දෙනෙකුට සහ තවත් ආයතන 14 කට මෙලෙස සම්බාධක පනවා තිබේ.

විදෙස් විචාරකයින් සදහන් කළේ ජෝ බයිඩ්න්ගේ දිවුරුම් දීමත් සමග ක්‍රෙම්ලිනයට එල්ල කළ පළමු ප්‍රහාරය මෙය බවයි.

හේ අතර , ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 114,790,763 ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (03) අලුයම වාර්තා කරයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 64,839,000 කට අධික පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.