FAST NEWS

24×7 Around the Globe

මාලිංග ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවන අයුරු [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග අනාගතයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ උපදේශකකු ලෙස කටයුතු කරනු ඇති බවට කණ්ඩායම් පුහුණුකරු මිකී ආතර් පවසයි.

ඔහු කියා සිටියේ තමා මාලිංග සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත්, අනාගත T20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා උපදේශකයෙකු ලෙස කටයුතු කළ හැකි බවයි.

මාලිංග ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කර ඇති නමුත් ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැත.