FAST NEWS

24×7 Around the Globe

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා උග්‍ර අතට

(ෆාස්ට් නිව්ස් | මියන්මාරය) – මියන්මාර හමුදා පාලනයට එරෙහිව සාමකාමී විරෝධතාවල නිරතවූ 18 දෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරවලින් මියගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.  

හමුදා පාලනයට එරෙහිව පසුගිය සෙනසුරාදා සිට යැංගොන්, මැන්ඩලේ සහ දවායි නගරවල විරෝධතා පැවති අතර, ඊට එරට පොලීසිය දැඩි ප්‍රහාර එල්ල කළා.

පොලීසිය පිරිස් විසුරුවා හැරීම සඳහා වෙඩි ප්‍රහාරවලට අමතරව කඳුලු ගෑස් සහ රබර් උණ්ඩ ද යොදාගෙන තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙම ප්‍රහාර දැඩිව හෙළා දැක ඇත.