FAST NEWS

24×7 Around the Globe

ලේඩි ගගාගේ බලු පැටවුන් වෙනුවෙන් ඩොලර් 500,000 ක්

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – සුපිරි කෝටිපතිනයක් වූ ගායිකා ලේඩි ගගාගේ සුරතල් බලු පැටවුන් දෙදෙනකු පැහැරගෙන යෑමේ සිද්ධියක් ගැන නිව්යෝර්ක් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.   

සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු මෙම පැහැර ගැනීම සිදු කර තිබේ. මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ කොජි සහ ගුස්ටාට් යන නම්වලින් හඳුන්වන බලු පැටවුන් දෙදෙනාය.

මේ බලු පැටවුන් දෙදෙනා සොයා දුන් අයකුට ඩොලර් 500,000 ක තෑග්ගක් දෙන බව ගගා ප‍්‍රකාශ කරයි.

ගගාගේ ආරක්ෂකයකු වූ රයින් පිටර් මෙම බලු පැටවුන් ඇවිදීම සඳහා ගෙන යන අවස්ථාවේ ඔහුට ද වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම පැහැර ගැනීමට සම්බන්ධ දෙදෙනෙක් අසල්වාසි නිවසක CCTV කැමරා පද්ධතියේ සටහන් වී ඇත.