FAST NEWS

24×7 Around the Globe

‘තනිකමටත් ‘ අමාත්‍යවරයෙක්

(ෆාස්ට් නිව්ස් | ජපානය) – නැගී එන සියදිවි නසා ගැනීමේ අනුපාතය පරීක්ෂා කිරීම සඳහා ජපානය පළමුවරට තනිකම පිළිබඳව අමාත්‍යවරයෙකු පත් කර ඇති බව වාර්තා වෙයි.  

කොවිඩ් -19 වසංගතය අතරතුර වසර 11 කට පසු ප්‍රථම වතාවට ජපානයේ සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහළ යාමත් සමග ජපාන අග්‍රාමාත්‍ය යොෂිහයිඩ් සුගා විසින් මෙම පත්කිරීම සිදුකර ඇතැයි සඳහන්.

ඒ අනුව එක්සත් රාජධානියේ ආදර්ශය අනුගමනය කළ පළමු රට බවට ජපානය පත්වනු ඇති.

සිය සමාරම්භක ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තනිකම පිළිබඳ අමාත්‍යවරයා පවසා ඇත්තේ, සමාජ තනිකම සහ හුදෙකලාව වැළැක්වීම සහ මිනිසුන් අතර සබඳතා ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඒමට තමා බලාපොරොත්තු වන බවයි.