FAST NEWS

24×7 Around the Globe

රුපියල් 20 කාසිය මාර්තු මස සිට භාවිතයට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.   

“සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් පිරීම නිමිත්තෙන්.

කාසිය පැති 07 ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර තිබේ.

කාසි මිලියන 5 ක් ලබන මාර්තු මස 3 වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

 

No photo description available.