FAST NEWS

24×7 Around the Globe

නළු සල්මන් කාන් ඇත්තටම විවාහ ගිවිස ගත්තද ?

පසුගිය සතියේ ඉන්දීය වෙබ් අඩවි මගින් පතුරුවන ලද ආරංචියක් වූයේ බොලිවුඞ් නළු සල්මන් කාන් රුමේනියානු නිළි ලූලියා වැන්චර් සමග විවාහ ගිවිසගත් බවකි. මෙම ආරංචියට හේතුවී ඇත්තේ ලූලියා විසින් සමාජ ජාලයක කිසිවෙකු ඇසූ පැනයකට පිළිතුරු ලෙස තමා සල්මන් සමග විවාහ ගිවිසගත් බව හා ලබන වසරේ උත්සවාකාරයෙන් විවාහ වන බවට පවසා තිබුණ කියුමකි.
මෙම ආරංචිය ළැව්ගින්නක් සේ පැතිර යන අතරවාරයේ මේ සම්බන්ධයෙන් බොලිවුඞ් නළු සල්මන් කාන් සහ ඔහුගේ සොයුරිය අවස්ථා දෙකකදී මෙම කතාව බොරුවක් බව පවසා ඇත. තමාගේ නම විකුණා ඇතැම් මාධ්‍ය අලෙවි උපායයන්හි නිරතවන බවටත් සල්මන් පවසා ඇත.
කෙසේ වෙතත් ලූලියා හා සල්මන් අතර සමීප සම්බන්ධය මේ වනවිට රහසක් නොවන අතර සල්මන් අවස්ථා කිහිපයකම ඇය බලන්න ඇගේ රටට ගොස් පැමිණ තිබුණි.
මින් ඉහත සල්මන් කාන් කත‍්‍රිනා කයිෆ් සංගීතා බිජ්ලානි හා අයිශ්වර්යා සමග පෙම් සබඳතාවල පැටලී සිටි අතර ඒ කාල වලත් මෙවැනි ආරංචි පැතිර ගොස් තිබුණි.