FAST NEWS

24×7 Around the Globe

සුචී නිදහස් කරන්නැයි මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කිරීමට බ්‍රිතාන්‍ය සූදානම්

(ෆාස්ට් නිව්ස් | මියන්මාරය) – මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන්සාන් සුචී වහා නිදහස් කරන්නැයි ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කිරීමට මහා බ්‍රිතාන්‍ය සූදානම්ව සිටියි.    

අදින් ආරම්භ වන කවුන්සිලයේ 46 වන සැසි වාරයේදී බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් විසින් එය නිල වශයෙන් දැනුම්දෙනු ඇත.

අවුන්සාන් සුචී මහත්මිය ඇතුලු දේශපාලනඥයන් පිරිසක් අත්අඩංගුවට හෝ නිවාස අඩස්සියට ගෙන අදට සති 03 ක් ගතවෙයි.