මියන්මාර විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

මියන්මාර විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | මියන්මාරය) – මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතාවයක නිරතවී සිටියදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක මියගොස් ඇත.    

විදෙස් මාධ්‍ය පවසන ආකාරයට හිසට වෙඩි වැදීම හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 09 වනදා පැවති විරෝධතාවයකදී ජල – රබර් උණ්ඩ සහ සජීව පතොරම් යොදාගනිමින් මියන්මාර ආරක්ෂක විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පියවර ගෙන තිබුණි.

මේ අනුව එරට හමුදා පාලනයට එරෙහිව විරෝධතාවලින් මියගිය පළමුවැන්නා ලෙස ඇය වාර්තා වෙයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)