FAST NEWS

24×7 Around the Globe

නාසා අගහරු වෙත යවන ලද රෝවරය මතුපිටට ගොඩබසියි

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – රතු ග්‍රහයා හෙවත් අඟහරු වෙත යැවූ තම රොබෝ යානය සාර්ථකව ගොඩබැස්වූ බව නාසා ආයතනය පවසයි.   

ඒ, එහි සමකයට ආසන්න ආවාටයක් වන ජෙසෙරෝ ප්‍රදේශයටයි.

රෝද 06 කින් සමන්විත එය ඉදිරි වසර 02 ක කාලයේදී අගහරු මත රැඳී සිටිමින් මතුපිට ගවේශණ කටයුතු සිදුකරනු ඇත.

ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් රෝද හයකින් යුත් මෙම රොබෝ යානය මෙතෙක් නිෂ්පාදිත නවීනතම තාක්ෂණයෙන් යුතු වෙයි.

එමඟින් ග්‍රහයා මත පැරණි ක්‍ෂුද්‍ර ජීවීන් පිළිබඳ සාක්ෂි විමසා බැලීමට නියමිතයි.

එමෙන්ම රතු ග්‍රහයා මත කෙදිනක හෝ ජීවයක් පැවතියේද යන්න පිළිබඳව ඉඟි සැපයිය හැකි පාෂාණ නියැදි එක් රැස් කිරීමද මෙම රොබෝ යානය යැවීමේ තවත් අරමුණක්.

අගහරු මතට සාර්ථකව රෝවරයක් ගොඩබැස්වීම සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතාද නාසා ආයතනය වෙත සුභ පැතුම් පිරිනමා තිබේ.