බ්‍රිතාන්‍යයේ පළවන ok නම් ටැබ්ලොයිඩ් පුවත්පතක , පසුගිය සතියේ මුල් පිටුවේම පළ වී තිබූ ප්‍රධාන පුවත වූයේ කේට් කුමරිය නිවුන් දරුවන් බිහි කිරීමට සූදානම් බව ය. මෙය සැබවින්ම බ්‍රිතාන්‍යය තුළ ආන්දෝලනාත්මක පුවතක් වූ බව පැවසීමට අවශ්‍ය නැත.
එහි තව දුරටත් මේ පිළිබඳව විස්තර කරමින් දක්වා ඇත්තේ කේට් කුමරිය ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් මේ දිනවල විවේක ගනිමින් සිටින බවත් ය.
” මගේ අම්මා පුදුම විදියට සතුටු වෙයි” යනුවෙන් විලියම් කුමරු අදහස් දක්වා ඇති බව ද එහි සඳහන් කර ඇත.
කේට් හා විලියම් කුමරු දරුවන් ගේ ගැහැනු පිරිමි බව නොබලා ඉන්නටත්, උපතේදී එම පුදුමය අත්විඳීමට කැමැත්තෙන් පසුවන බවත් එහි සඳහන් කර ඇත.
මෙය ඕපාදූප පළ වන පුවත්පතක් බැවින් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ සැකයක් ද පවතී.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජ පවුලෙන් මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැත









