FAST NEWS

24×7 Around the Globe

පොදුජන පෙරමුණ ඉන්දියාව විසින් මිලට ගැනීමේ සූදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂය මිලදී ගැනීම සඳහා ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.   

මිලදී ගැනීම යනුවෙන් අදහස් තමන් අදහස් කරන්නේ මුදල් දී ගැනීමක් නොව ඉන්දියාවේ අරමුණට අදාළ ව එම පක්ෂ ස්ථානගත කර ගැනීම බව ද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින සුළු පක්ෂ ඉන් ඉවත් කිරීම සඳහා එම පෙරමුණේ ඇතැමුන් පිරිසක් විසින් කටයුතු කරන්නේ ඒ නිසා යයිද ඒ මහතා කීය.