FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය තුළ තවත් නව කොරෝනා ප්‍රභේදයක්

(ෆාස්ට් නිව්ස් | බ්‍රිතාන්‍ය) – මහා බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් විසින් කොරෝනා වෛරසයේ තවත් නව ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.   

එය හඳුන්වා ඇත්තේ බී – වන් – 525 ලෙසයි.

මෙම නව ප්‍රභේදය ආසාදිතයන් 38 දෙනෙකු මේ වන විට හමුවී තිබෙන අතර , ඉන් 36 දෙනෙකු එංගලන්තයෙන් සහ අනික් දෙදෙනා වේල්සයෙන් හමුවී ඇත.

කෙසේවෙතත් ඔවුන්ගේ සාම්පල ලබාගෙන ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේදී බවද සඳහන්.