FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා මරණ 10% කින් අඩුවේ – WHO

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෙවුණු සතියේ ලොව පුරා කොරෝනා මරණ වාර්තා වීම සියයට 10කින් සහ ආසාදිතයින් වාර්තා වීම සියයට 16කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩනම් ගෙබි්‍රයේසස් ප්‍රකාශ කළේය.      


ඔහු කියා සිටියේ අප්‍රිකානු සහ බටහිර පැසිෆික් කලාපයේ ආසාදිතයින් වාර්තා වීම 20 % අඩු වී ඇති බවයි.

එමෙන්ම, අග්නිදිග ආසියානු කලාපයේ ආසාදිතයින් වාර්තා වීම 13 % කින් සහ ඇමරිකානු කලාපයේ ආසාදිතයින් වාර්තා වීම සියයට 16කින් අඩු වී තිබෙනවා.

යුරෝපා කලාපයේ ආසාදිතයින් වාර්තා වීම ගෙවුණු සතියේ  16 %කින් අඩු වී ඇති බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ පමණක් රෝගීන් වාර්තා වීම 7 %ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එකොලොස් කෝටි 15,714 ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 24 ලක්ෂ 28,087ක් ලෙසයි.