FAST NEWS

24×7 Around the Globe

කෙරවළපිටිය ස්වාභාවික ද්‍රව වායු බලාගාරයට අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙගාවොට් 300ක විදුලියක් උත්පාදනය කිරීමට නියමිතව ඇති කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත එල්.එන්.ජී. (ස්වාභාවික ද්‍රව වායු) බලාගාරයට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.    

මෙම බලාගාරය මගින් ජනනය කරන විදුලි ඒකකයක මිල රුපියල් 14.98 පමණ වන අතර ඩීසල් හා ස්වාභාවික ද්‍රව වායු (එල්.එන්.ජී.) මඟින් මෙම බලාගාරයෙන් විදුලිය උත්පාදනය කළ හැකි වීම ද විශේෂත්වයකි.

ලංකා විදුලිබල මණ්ඩලය හා ‘ලක්දනව්’ සමාගම අතර මෙම බලාගාරය ක්‍රියාත්මක වන බව ද ජනක රත්නායක මහතා පවසයි.

මෙම බලාගාරය මගින් නිපදවන විදුලිය වසර විස්සක කාලයක් ලංවිම විසින් මිලදී ගැනීමට නියමිත අතර විදුලිය මිලදී ගැනීමට අදාළ නව කොන්දේසි දහ අටක් මෙම ගිවිසුමට ඇතුළත් කළ බව ද රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.