FAST NEWS

24×7 Around the Globe

දුඹුරු සීනි ආනයනය නතර කිරීමට තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුඹුරු සීනි ආනයනය නතර කිරීමට උක්, ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.   

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හය ලක්ෂයක් බවයි.

ඉන් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදහසක් දුඹුරු සීනි බව ද ඔහු සඳහන් කළේය.

සීනි ආනයනයට වාර්ෂිකව වැය වන රුපියල් බිලියන 40 ක මුදල අඩු කර ගැනීමට මෙම වැඩපිළිවෙළින් අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය.