FAST NEWS

24×7 Around the Globe

විමල්ට බෝම්බයක් ගසනවා යැයි පවසා 119 ට හදිසි දුරකතන ඇමතුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය විමල් වීරවංශ මහතාට බෝම්බ ගැසීමට සූදානම්ව ඇති බව පවසමින් 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානය වෙත ලද දුරකථන පණිවුඩය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව වැල්ලවත්ත පොලිසිය පවසයි.   

ඉකුත් 12 වැනි දින පස්වරුවේ 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානයෙන් වැල්ලවත්ත පොලිසිය වෙත එම දුරකථන ඇමතුම ලැබී ඇති අතර , වැල්ලවත්ත පොලිස් වසමේ අංක 275, ජෝසප් ස්ටැන්ලි පාර, වැල්ලවත්ත ලිපිනයේ සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාට බෝම්බයක් ගහන්න සූදානම්ව ඇති බවට සඳහන් කර එම පණිවුඩය මඟින් දැනුම් දී තිබේ.

එම ලිපිනය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිස් ස්ථානය මඟින් පරීක්ෂණ පැවැත්වීමේදී වැල්ලවත්ත පොලිස් වසමේ එවැනි ලිපිනයක් නොමැති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතාද එවැනි ප්‍රදේශයක පදිංචි නොමැති බවට වැඩිදුරටත් අනාවරණ වීමෙන් පසු 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානයට මේ බව දැනුම්දී එම තොරතුරු ලබාදුන් දුරකථන අංකය ලබා ගත් බව පොලිසිය කියයි.

ඊට අදාළ පුද්ගලයා පොලිසියට කැඳවා වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.