FAST NEWS

24×7 Around the Globe

බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසය යළි හිස ඔසවයි

(ෆාස්ට් නිව්ස් | බටහිර අප්‍රිකාව) – බටහිර අප්‍රිකාවේ වසර 05 කට පසු ඉබෝලා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.   

මියගිය පිරිස අතර සෞඛ්‍ය සේවිකාවක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට රජය සඳහන් කළේ ඉබෝලා වෛරසය නැවතත් රට තුළ ව්‍යාප්ත වී ඇති බවයි.

ඉබෝලා වෛරසය ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රොගීන් 08 දෙනෙකු ද නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මීට වසර 05 කට පෙර දරුණු ව්‍යාප්තියක් පෙන්නුම් කළ ඉබෝලා වෛරසයෙන් පුද්ගලයින් 11,000 ක් පමණ මියගොස් තිබුණි.

යළි මතුව ඇති ඉබෝලා වෛරස අවදානම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කඩිනම් පියවරගන්නා බව එරට බලධාරීන් සඳහන්කර තිබේ.