FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් ආසාදිතව සුවය ලැබූ අයට එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත්

(ෆාස්ට් නිව්ස් | ප්‍රංශය) – කොවිඩ් – 19 ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ට එක් එන්නත් මාත්‍රාවක් පමණක් දීම ප්‍රමාණවත් බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසයි.   

ඔවුන් පවසන්නේ, සුවය ලැබූවන්ගේ සිරුරේ කොවිඩ් රෝගයට එරෙහි ප්‍රතිශක්තිය නිර්මාණය වී ඇති බැවින් මෙම තීන්දුවට පැමිණි බවය.

එමෙන්ම එම ප්‍රතිශක්තිය ඉදිරි මාස 3ත් 6ත් අතර කාලයක් සඳහා ප්‍රමාණවත් බවත් ඔවුන් පෙන්වා දෙයි.