FAST NEWS

24×7 Around the Globe

වික්ටෝරියා ප්‍රාන්තය දින 5 කට වැසෙයි

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නුවර නව කොවිඩ් පොකුරක් මතුවීම හේතුවෙන් දින 5 ක කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇත.   

මෙල්බර්න් නුවර හෝටලයක් හා සම්බන්ධ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයින් සංඛ්‍යාව 19 ක් දක්වා වර්ධනය වී තිබීම ඊට ප්‍රධාන හේතුව වී ඇත.

වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පැවසුවේ එම සියලූ ආසාදිතයින්ට වැළදී ඇත්තේ එක්සත් රාජධානියේ ව්‍යප්ත වන නව ප්‍රභේදය බැවින් පවතින තත්ත්වය ඉතා අවදානම් සහගත බවයි.

නිවසින් බැහැරව යා හැක්කේ හේතු 4 ක් සඳහා පමණයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට / වෛද්‍ය සේවා හා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට හෝ වෙනත් අයෙකුව රැක බලා ගැනීමට / ව්‍යායාම් කිරීමට සහ රැකියා කටයුතු සඳහා යන්න එම අවශ්‍යතා 04 යි.