FAST NEWS

24×7 Around the Globe

දෙසැම්බර් 31 දාට පෙර උදා ගම්මාන වැඩසටහන යටතේ උදා ගම්මාන 38ක්.

උදාගම්මාන වැඩසටහන යළිත් ක්‍රියාත්මක කරමින් දෙසැම්බර් 31 දාට පෙර දිවයින පුරා උදා ගම්මාන 38 ක් ඉදිකිරීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එක් උදා ගම්මානයක නිවාස 25 බැගින් අදාළ කාලය තුළ නිවාස 950 ක් ඉදිකරන බවත්, 2016 වර්ෂයේදී උදා ගම්මාන 200 බිහිකිරීම අමාත්‍යාංශයේ අරමුණ වී ඇතිබවත් ඔහු සඳහන් කළේය.

අද (30දා) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

මේවනවිට නිවාස ප්‍රශ්නයට විසඳුම් ලෙස අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර,උදා ගම්මාන වැඩසටහන යටතේ නිවාස ලබාදෙනුයේ නිවාස තුළ ජීවත්වෙන අනුපවුල් ඒකක සඳහා බවත් ප්‍රේමදාස අමාත්‍යවරයා ප්‍රකාශකළේය.