FAST NEWS

24×7 Around the Globe

කෘෂිකර්මාන්තයේදී කාබනික පොහොර නිෂ්පාදනයට රජය මැදිහත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ අවශ්‍යතාව “රට හදන සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අවධාරණය කර ඇත.    

අදාළ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපායමාර්ගගත වැඩපිළිවෙල මෙහෙයවීම සඳහා නවීන තාක්ෂණික හා පර්යේෂණාත්මක පහසුකම් සහිත අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුගත වන අන්දමින් කාබනික පොහොර නිෂ්පාදනය, අලෙවිය හා පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීමට හැකියාව ඇති රාජ්‍ය ආයතනයක් පැවතීමේ අවශ්‍යතාවය ද හඳුනාගෙන තිබේ.

ඒ අනුව, සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම, කාබනික පොහොර හා ඉහළ පරම්පරාවල රසායනික පොහොර නිෂ්පාදන සකස් කර බෙදා හරින හා ඒ පිළිබඳව පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල යෙදෙන ආයතනයක් වශයෙන් පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලැබී ඇත.