FAST NEWS

24×7 Around the Globe

සෝල් අගනුවර ආසන්න ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

(ෆාස්ට් නිව්ස් | දකුණු කොරියාව) – කොරෝනා ව්‍යාප්තියත් සමග දකුණු කොරියාවේ සෝල් අගනුවර ආසන්න ප්‍රදේශවලට පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.   

රාත්‍රී 9 න් පසු අගනුවර අවට ප්‍රදේශවල ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට බල පැවැත්වෙන පරිදි සංශෝධනය කර ඇති බවත් එම වාර්තාවල සඳහන් වේ.

දකුණු කොරියාවෙන් මේ දක්වා ආසාදිතයන් 80, 524 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් 70 % ක්ම හඳුනාගෙන ඇත්තේ සෝල් අගනුවරින් වීම විශේෂත්වයක්.

මීට අමතරව , මුහුදේ ලොව විශාලතම සුළං බලාගාරය ඉදිකිරීමට දකුණු කොරියාව සූදානම් වෙයි. ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 43 ක්.

කොරෝනා වසංගතය නිසා ඇති වූ බලපෑම් අවම කිරීමේ පරිසර හිතකාමී ක්‍රියාදාමක් ලෙස මෙය දියත් කිරීමට සැලසුම් කර ඇත.