FAST NEWS

24×7 Around the Globe

කුඩා සූර්ය බලාගාර 7000 ක් සදහා මුල් කාර්තුවේදීම වැඩ අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනපුරා කුඩා සූර්ය බලාගාර 7000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය වසරේ මුල් කාර්තුව තුළ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විදුලිබල අමාත්‍යංශය ප්‍රකාශ කරයි.   

මෙම බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ආයෝජනය සියයට සියයක් දේශීය ආයෝජකයන් වෙත භාරදීමට නියමිතව ඇත.

මේ සඳහා අනුමැතිය ගැනීමේ යෝජනාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිකර අනුමැතිය ලැබුණු පසුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.