FAST NEWS

24×7 Around the Globe

ජගත් මහලේකම්වරයා ලෝක ප්‍රජාවට කළ ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | මියන්මාරය) – මියන්මාරයේ සිදු වූ හමුදා කුමණ්ත්‍රණය පරාජය වීමට ඉඩ හරින්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ජත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.   

මියන්මාර මැතිවරණය සාධාරණව නොපැවැත් වූ බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව පෙන්වා දෙන ජගත් මහ ලේකම්වරයා, මෙවැනි ක්‍රම හරහා රටක් පාලනය කල නොහැකි බව හමුදා පාලකයන් වටහාගත යුතු බවද ජගත් මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

මියන්මාරයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක කවුන්සිලයද අවධානය යොමුකර ඇතත් චීනය නිශේධ බලය යොදා මියන්මාර හමුදාවට එරෙහි යෝජනා පරාජය කරන බවට දන්වා තිබේ.