FAST NEWS

24×7 Around the Globe

ලබාගත් ණය වහා ගෙවන්නැයි ඉන්දියාවෙන් දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 400 ක ණය මුදලක් වූ කඩිනමින් ගෙවන ලෙස එරට බලධාරීන් විසින් දන්වා ඇතැයි වාර්තා වෙයි.   

මෙම ණය මුදල කෙටිකාලීන ගෙවීමේ පදනම මත ලබාගත් එකක් වන අතර මෙතෙක් එය ආපසු ගෙවීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර නොමැත.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට ගත් තීරණයෙන් පසු මෙම ණය මුදල ගෙවන ලෙස දන්වා ඇතැයි ද වාර්තා වෙයි.