FAST NEWS

24×7 Around the Globe

ලංකා IOC ලාභ 40 % කින් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී ලංකා IOC සමාගම මිලියන 686.92 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇති බව සිය නවතම මූල්‍ය ප්‍රකාශන හරහා කියා සිටියි.   

2019 ඔක්තෝබර් – දෙසැම්බර් කාර්තුව තුළ දී සමාගම වාර්තා කර ඇති බදු පසු ලාභය රු. මිලියන 489.75 ක් වේ.

ඒ අනුව පසුගිය කාර්තුව තුළ දී සමාගමේ ලාභ වර්ධනය, පූර්ව සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 40% කි.

කෙසේ වෙතත් සමාගමේ මූල්‍ය ප්‍රකාශන අනුව 2020 අප්‍රේල් – දෙසැම්බර් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ සමාගමේ බදු පසු අලාභය මිලියන 91.29 ක් ලෙසින් සටහන්ව ඇත.