FAST NEWS

24×7 Around the Globe

පැරිස් හිල්ටන්ට අකරතැබ්බයක්.

ලෝ පතල මෝස්තර නිරූපිකාවක වන පැරිස් හිල්ටන් පසුගිය දා චීනයේ සංචාරයක යෙදුණා. එම සංචාරයේදී ඇය බීජිං නුවර සිදුකළ සවාරියකදී ලොකු කරදරයකට මුහුණ පෑවා.

ඇය, බීජිං නුවර හෝටලයක විදුලි සෝපානයක ගමන් කරද්දී හිටි හැටියේම එය ක්‍රියා විරහිත වෙලා. ඒ මොහොතේ පැරිස් ගමන් කළ විදුලි සෝපානයේ සැලකිය යුතු පිරිසක් සිටි බවයි පැවසෙන්නේ. “මට අදහා ගන්න බැරිවුණා, මොකක්ද මේ සිද්ධ වුණේ කියලා. ටිකෙන් ටික අපිට හුස්ම ගන්නත් අපහසු වුණා.” පැරිස් මේ සිද්ධිය එලෙස විස්තර කළා. පැයක පමණ කාලයක් විදුලි සෝපානය ක්‍රියා විරහිත වී තිබෙනවා. කාර්මික ශිල්පීන් එය ක්‍රියාත්මක කරන්නට හෝ විවෘත කරන්නට ගත් උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා. කෙසේ වෙතත්, අනපේක්ෂිත මොහොතකදී විදුලි සෝපානයේ දොරටු විවෘත වෙලා. ඒ නිසා පැරිස් ඇතුළු සියලුම දෙනාට පිටතට පැමිණීමට හැකි වෙලා තිබෙන බවයි ආරංචි.