FAST NEWS

24×7 Around the Globe

ලොව කාර්ය බහුලම ගුවන් ගමන් මාර්ගය වැසේ

(ෆාස්ට් නිව්ස් | මහා බ්‍රිතාන්‍ය) – එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මහා බ්‍රිතාන්‍ය අතර සිදුකෙරෙන සියලුම සෘජු ගුවන් ගමන් අද (29) සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.   

ඒ කොරෝනා වෛරස නව ප්‍රභේදය හමුවේ අද සිට බලාත්මක වන පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය / රුවන්ඩාව සහ බුරුන්ඩි රාජ්‍යය ද සංචරණ සීමා පණවන රටවල් අතරට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය පියවර ගැනීම හේතුවෙන්.

මේ අනුව ලොව කාර්ය බහුලම ගුවන් ගමන් මාර්ගය ලෙස සැළකෙන ඩුබායි – ලන්ඩන් මාර්ගය නැවත දැනුම් දෙන තුරු අක්‍රීයව පවතිනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.