මීළඟ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය බංග්ලාදේශයේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා. 2012 සහ 2014 වසරවලදීද ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය බංග්ලාදේශයේ පැවැත්වුණු අතර, මෙවර එම තරඟාවලිය එහි පැවැත්වෙන්නේ අඛණ්ඩ 03 වන වරටයි.
ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ටෙස්ට් වරම් නොලැබූ ආසියානු රටක් ඇතුළුව කණ්ඩායම් 05 ක් තරඟාවලියට සහභාගි වනු ඇති.
ලබන වසරේ පෙබරවාරි 24 වනදා තරඟාවලිය ආරම්භ වන අතර, අවසන් මහා තරඟය මාර්තු 06 වනදා පැවැත්වීමට නියමිතයි.
ඉන් දින 06 කට පසුව විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වන බැවින් මීළඟ ආසියානු කුසලාන තරඟාවලිය විස්සයි විස්ස තරඟාවලියක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්.






