පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ දේශපාලන වශයෙන් හිර කිරීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට නොමැති බව අගමැතිවරයා එම සිද්ධියේදී සාධාරණව කටයුතු කළ ආකාරයෙන් පෙනෙන බව රජය පවසයි.
තමන්ට එරෙහිව දේශපාලන පලි ගැනීමක් සිදුවූ බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් රජයේ ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවේ, අගමැතිවරයා ක්‍රියා කළ ආකාරය ගැන වීරවංශ මන්ත්‍රීවරයා ස්තුතියද පළ කර ඇති බවයි.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
වරප්‍රසාද ප්‍රශ්නයක් :
අගමැතිවරයා මෙම සිදුවීමට යම් බලපෑමක් සිදු කර ඇත්දැයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විමසු විට අමාත්‍යවරයා පැවසුවේ, වීරවංශ මන්ත්‍රීවරයා එලෙස ස්තුති කර ඇත්තේ අගමැතිවරයා යම් මැදිහත් වීමක් සිදු කල නිසා විය හැකි බවයි.
මෙවන් සිදුවීමකට පොලිසියට ස්වාධීනව ක්‍රියා කරන්නට ඉඩ නොදී අගමැතිවරයා මැදිහත් වන්නේ ඇයි දැයි මෙහිදී ‘බිබිසි’ය විමසු අතර එයට පිළිතුරු දෙමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා පැවසුවේ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන බව අගමැතිවරයා පැවසු බවයි.
නීතියට ඇඟිලි ගැසීමක් :
කිසිවිටකත් අගමැතිවරයා නීතියට ඇඟිලි ගැසීමක් සිදු නොකළ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ව්‍යාජ ගමන් බල පත්‍රයක් ළඟ තබා ගැනීම හා නව ගමන් බලපත්‍රය සඳහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම පිළිබඳව වීමල් වීරවංශ මන්ත්‍රීවරයාට චෝදනා එල්ල විය.
පෙරේදා අධිකරණයේ දී මන්ත්‍රිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂයක බැදුම්කරයක් මත මුදා හැරියේය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගුවන් තොටුපලේ රහස් පොලිසිය මගින් රඳවා ගෙන සිටි අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ අතර එහිදී රජය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ අගමැතිවරයා මැදිහත්වී විමල් වීරවංශ මන්ත්‍රීවරයාට විදේශ ගත වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
මේ අතර කටුනායක ගුවන්තොටුපලේ දී රහස් පොලිසිය තමන්ව අත්අඩංගුවට ගැනීම හා එහිදී ඔවුන් ක්‍රියා කළ ආකාරයෙන් තමන්ගේ මානව හිමිකම් කඩවූ බවට රහස් පොලිසියට එරෙහිව නඩුවක් ගොනු කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසයි.
(බිබිසි සංදේශය)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.