FAST NEWS

24×7 Around the Globe

දිව රතු වෙන නව කොරෝනා ප්‍රභේදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් ලෙස ‘කොවිඩ් ටන්’ යනුවෙන් වෛරසය මේ වන විට ලොව පුරා පැතිර යන බව අනාවරණය වීමත් සමග වඩාත් කල්පනාකාරී වන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.   

මෙම වෛරසය මගින් පුද්ගලයාගේ ‘දිව’ආසාදනයට පත් කරන අතර තුවාල, රතුපැහැති බිබිළි, රතු ලප හෝ මැලියම් දිව මතුපිට රෝග ලක්ෂණ ලෙස දැකිය හැකි වෙයි.

‘දිව’ පුරා මෙවැනි රෝග ලක්ෂණ පැවැතිය හොත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කළ හැකි වන අතර PCR පරීක්ෂණයක් කර ගැනීමෙන් මේ බව නිවැරැදිව තහවුරු කර ගත හැක.