FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු ජනපති සහ උප ජනපතිගේ දිවුරුම්දීම අද

(ෆාස්ට් නිව්ස් | අමරිකාව) – අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් මහතා අද (20) දිවුරුම්දීමට නියමිතව ඇත.  

එමෙන්ම එරට පළමු කාන්තා උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් ද අද දිනයේ දිවුරුම්දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටදීයි එම උත්සවය සංවිධාන කර තිබෙන අතර , වොෂින්ටන් නුවර වේලාවෙන් අද පස්වරු 12 ට එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.30 ට ජෝ බයිඩ්න් නව ජනාධිපතිවරයා ලෙස ප්‍රතිඥාව දීමට නියමිතව ඇත.

මෙම උත්සවය හමුවේ වොෂින්ටන් අගනුවරට දැඩි ආරක්ෂාවක් යොදා ඇති අතර ජාතික ආරක්ෂක බලකායේ සෙබලුන් විශාල පිරිසක් ස්ථානගත කර ඇත.

කෙසේවෙතත් මෙම උත්සවයට ට්‍රම්ප් මහතා සහභාගී නොවන බව දැනටමත් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.