FAST NEWS

24×7 Around the Globe

රුසියානු විපක්ෂ නායකයා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | රුසියාව) – විෂක් ශරීරගත වීම හේතුවෙන් ජර්මනියේ ප්‍රතිකාර ලබමින් සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි රුසියාවේ මොස්කව් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.   

ඒ, ඔහු ජර්මනියේ ප්‍රතිකාර ලබා යළි සිය රටට පැමිණි අවස්ථාවේදීය.

කිසිදු පැහැදිළි කිරීමකින් තොරව පදනම් විරහිතව ඔහු අත්අඩංගුවට ගත් බව රුසියානු විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරිය ට්විටර් පණිවුඩයක් සටහන් කරමින් කියා සිටියාය.

රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රබල විවේචකයකු වන ඇලෙක්සි නවල්නි පසුගිය දා සර්බියාවේ සිට රුසියාව බලා ගුවන් ගමනක නිරත වී සිටින අතරතුර සිදු වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරිණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රතිකාර සඳහා ජර්මනියේ රෝහලකට ඇතුළත් කළ රුසියානු විපක්ෂ නායකවරයා කෝමා තත්ත්වයේ පසු වූ බවයි.