FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 18 ඉක්මවූ සියලුම අයට හමුදා පුහුණුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වයස අවුරුදු 18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.  

මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණ වී ඇත.

ඔහු තවදුරටත් කියා සිටියේ මේ ආකාරයේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලොව ඇතැම් රටවල් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවයි.