FAST NEWS

24×7 Around the Globe

වගා නොකළ ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදා ගැනීමේ නව ව්‍යාපෘතියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය වැවිලි සංස්ථාව සතු දැනට වගා නොකළ ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදා ගැනීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.   

එහි සභාපති ශ්‍රීමාල් විජේසේකර මහතා සඳහන් කළේ ඒ අනුව තේ, කිතුල් සහ එනසාල් වගාව ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

නිසි කළමනාකරණයක් නොමැතිව ඉඩම් අතහැර දැමීම හේතුවෙන් රාජ්‍ය වැවිලි සංස්ථාව පසුගිය කාලයේ විශාල පාඩුවක් දැරූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

දැනට වැවිලි සංස්ථාව සතුව ඇති වතු සංඛ්‍යාව 18 ක් වන අතර එහි විශාලත්වය හෙක්ටයාර් 10,000 කට අධික බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.